13TH ANNIVERSARY

13 වන සංවත්සරය අභිමානවත්ව සමරන ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව......


වර්ෂ 2010 මාර්තු මස 4 වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගාලු වරාය පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද 2009 අංක 41 දරණ වෙරළ ආරක්ෂක පනත මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දහ තුන්වන සංවත්සරය 2023 මාර්තු 04 වන දිනට යෙදී තිබේ.

දේශිය මෙන්ම කලාපීය සාගර අවකාශ තුළින් පැන නගින යම් ඕනෑම තර්ජනයක් සඳහා මුහුණ දිය හැකි ශක්තිමත් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවක් බිහිකිරීමෙන් ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයේ හා ගැඹුරු මුහුදේ දී සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීම සහ සාමය ආරක්ෂා කිරීම යන අරමුණු ලඟාකරගැනීම දැක්ම කරගත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අනාගතයට ගැලපෙන ලෙසින් කාලානුරුපීව වෙනස් වෙමින් මේ දක්වා පැමිණ ඇත.

දෙපාර්තමේන්තුවේ 7 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා වර්තමානයේ අධ්‍යක්ෂක ධුරය හොබවන අතර ද්විතියික පදනම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තාවකාලිකව අනුයුක්ත කරන ලද සෙසු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්ෂක පුද්ගලයින් එතුමාගේ සෘජු නායකත්වය හා අධීක්ෂණය යටතේ සමුද්‍රිය නීතිය ක්‍රියාත්මක කිරීම හා බලපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ ආරක්ෂක ස්ථානගත කිරීම්, වෙරළ ආරක්ෂක උප ස්ථානගත කිරීම් හා දිවයින වටා පිහිටා ඇති ප්‍රධාන ධීවර වරායන් විසි හයක් සඳහා අනුයුත්තව සිය රාජකාරීන් සිදුකරනු ලබයි. තවද දිවයින වටා ස්ථාපනය කොට ඇති ජීවිතාරක්ෂක මුර කුටි 16ක් සඳහාද වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂක පුද්ගලයින් වර්තමානය වන විට අනුයුක්ත කර ඇත.

වර්ග කිමි 65610 ක භුමි ප්‍රමාණයකින් යුත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට වඩා විශාල මුහුදු ප්‍රදේශයකට අප හිමිකම් කියනු ලබන අතර එහි පවතින ඉහල වටිනාකමකින් යුත් සාගර සම්පත් සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් මනා ලෙස කළමනාකරණය කොට නීතිය ක්‍රියාත්මක කිරීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත මගින් ශ්‍රී ලංකා වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවට බලය පවරා දී ඇත. සමුද්‍රීය කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධි අවිධිමත් සහ වාර්තා නොවු මත්ස්‍ය ඇල්ලීම් කටයුතු, නීති විරෝධී භාණ්ඩ ජාවාරම් මැඩ පැවැත්වීම හා මහ සයුරේ සිදුවන මිනිස් ජීවිත සහ දේපල වලට වන හානිය අවම කිරීම සුරක්ෂිතභාවය තහවුරු කිරීම නෞකා ආපදාවලදී අවශ්‍ය සහාය ලබාදීම සමුද්‍ර දූෂණය වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම වෙරළ තීරය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම ස්වභාවික උපද්‍රව වල දී මහජනයාට සහාය වීම යන කාර්ය්‍යභාරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු වගකීම් අතර ප්‍රධාන තැනක් උසුලයි.

මෙයට අමතරව අවස්ථානුරූපීව දේශීය ආයතන හා සම්බන්ධීකරණය වීම තුළින් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ හා ඒ අවට මුහුදු ප්‍රදේශවල සිදුවන සිදුවීම් කළමනාකරණය කිරීම් ද මෙම දෙපාර්තමේන්තුව සතු වගකීම් අතර ගොනු කරනු ලබයි. ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සන්නද්ධ හමුදා සේවාවක් ලෙස වර්ගීකරණය නොකරන අතර සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමානය වන විට රට තුළ පිහිටා ඇති ප්‍රධානම ආයතනයක් ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත 6 වන වගන්තිය අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින සෑම වෙරළ ආරක්ෂක පුද්ගලයෙකුම සාම නිලධාරියෙකු ලෙස හඳුන්වනු ලැබේ. ඕනෑම නෞකාවක් යාත්‍රාවක් නැවැත්වීමට හා ඒ තුලට ඇතුලු විමට සහ ගොඩබැමට එමෙන්ම ඕනෑම නෞකාවක් යාත්‍රාවක් සෝදිසි කිරීමට අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමේ බලයද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පුද්ගලයින් සතු වන අතරම ඕනෑම අවසර පතක් වලංගු ලියවිල්ලක් ඉල්ලා පරික්ෂා කිරීම, වරදක් සිදුවීමට පෙලඹීමක් ඇති විට හෝ වරදක් සිදුකර ඇති විට ඒවා පරීක්ෂාකොට ලුහුබැඳිමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බලය පවරා දී ඇත. එසේම වරදක් සිදුකර ඇති විට හෝ එම වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති අවස්ථාවක අත්අඩංගුවට ගනු ලබන මත්ස්‍ය අස්වැන්න හා එම වරදට සම්බන්ධ හා අනුබල ලබා දී ඇති ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බලය පවරා තිබේ.

වේගමුර යාත්‍රා කිහිපයකින් ආරම්භ වු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු නෞකා සහ යත්‍රා බලඇණිය ගැඹුරු මුහුදු නිරික්‍ෂණ නෞකා 2 කින් සහ වේගමුර නෞකා 2 කින් වේගමුර යාත්‍රා 10 කින් වෙරලබඩ මුර යාත්‍රා සහ වරාය ආරක්‍ෂක යාත්‍රා කිපයකින් ශක්තිමත් වි ඇත. මෙසේ ‍නෞකා සහ යාත්‍රා ශ්‍රී ලංකා වෙරළ වටා ස්ථානගත කර ඇති අතර උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් සිදුකරනු ලබන නිති විරෝධී ජාවාරම් වැලැක්වීම වෙත වැඩි අවධානයක් යොමු කිරීමෙහිලා බහුලව අධිවේගි මුර යාත්‍රා යොදවා නිරීක්‍ෂණයන් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාව එකඟ වී ඇති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සෙවීම මුදාගැනීම සමුද්‍ර කලාපය තුල සිදුවන ඕනෑම අනතුරකදි හෝ හදිසි තත්ත්වයකදී වහාම ක්‍රියාත්මක වී කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර දේශීය ධීවර යාත්‍රා සහ අනෙකුත් සංචාරක යාත්‍රා වරායන් වලින් පිටත් වීමට පෙර යාත්‍රාවල ජිවිතාරක්ෂාව සඳහා යොදාගනු ලබන ක්‍රමවේද සහ උපකරණ ආදිය නිසි ලෙස පවත්වාගෙන යන්නේදැයි සොයා බලා පරීක්ෂාවට ලක් කිරීම සහ පවත්නා නීතින් හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි.

ශ්‍රි ලංකාවේ මුහුදු සීමාවේ හෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්හි බොරතෙල් කාන්දු වීමක් සිදුවන අවස්ථාවන් වලදී ජාතික තෙල් කාන්දුවීම් පිළිබඳ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරි ඇති අතර එසේම ඊට මුහුණ දීම සඳහා මනා පුහුණුවකින් යුත් නිලධාරීන් කණ්ඩායමක් සහ ඊට අවශ්‍ය කරන උපකරණ දිවයින පුරා ඇති ප්‍රධාන වරායන් ආශ්‍රිතව ස්ථානගත කර ඇත. මෑත කාලයේදි සිදුවු එවැනි අවස්ථා රැසක් සාර්ථකව කළමනාකරණය කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හැකිවීය. උදාහරණයක් වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අනතුරින් සහ නිව් ඩයමන්ඩ් නැමැති තෙල් ප්‍රවාහන නෞකාවේ අනතුරින් සිදුවූ තෙල් විසිරීම පාලනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය.

පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව හරිත වන දිරිය නම් ව්‍යාපෘතියක් හා පුනරුදය නම් රුක් රෝපණ ව්‍යාපෘතියක් මේ රට අභ්‍යන්තරයේ වගුරුබිම් ආශ්‍රිතව කඩොලාන සිටුවීමේ ව්‍යාපෘති සහ වාරික කොරල් පර ආශ්‍රිත ප්‍රදේශය අධීක්ෂණය කිරීම ආදී කටයුතු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අනුඛණ්ඩ මගින් සිදු කරනු ලැබීම. වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති කැස්බෑ බිත්තර සංරක්ෂණය කිරීම පැටවුන් බිහිවූ පසු මුදාහැරීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන සමාජ සත්කාර සහ පරිසරය සුරැකීමේ සේවාවන් ලෙස හඳුන්වා දිය හැක.

තවද සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ වන ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙස නැරඹීමේ යාත්‍රා නිරීක්ෂණය සහ නියාමනය කිරීමේ වගකීමද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

එලෙස කටයුතු කරනු ලබන ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේදී කලාපීය රටවල් සමග මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ ආයතන සමඟ මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබයි.

දේශීය පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් වෙරළ ආරක්ෂක උසස් පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධිතව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී ආරක්ෂක රාජකාරි හඳුන්වාදීමේ පාඨමාලාව, කුඩා යාත්‍රා හැසිරවීම සහ තෙල් කාන්දුවීම් පිළිබඳ සූදානම් වීමේ හා ප්‍රතිචාර මාර්ග පිළිබඳ පාඨමාලාව, සෝදිසි කිරීම් හා මුදවා ගැනීම පිළිබඳ පාඨමාලාව ආදී දේශීය පාඨමාලාවන් රාශියක් පවත්වනු ලබයි. දේශීය පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් වෙරළ ආරක්ෂක උසස් පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධිතව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී ආරක්ෂක රාජකාරි හඳුන්වාදීමේ පාඨමාලාව, කුඩා යාත්‍රා හැසිරවීම සහ තෙල් කාන්දුවීම් පිළිබඳ සූදානම් වීමේ හා ප්‍රතිචාර මාර්ග පිළිබඳ පාඨමාලාව, සෝදිසි කිරීම් හා මුදවා ගැනීම පිළිබඳ පාඨමාලාව ආදී දේශීය පාඨමාලාවන් රාශියක් පවත්වනු ලබයි.

ඇමරිකානු ජාත්‍යන්තර සමුද්‍රීය නිලධාරී පාඨමාලාව, ස්වීඩනයේ සමුද්‍රීය කටයුතු පිලිබද පශ්චාත් උපාධිය සහ ජපානයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිලිබද පශ්චාත් උපාධිය වැනි පාඨමාලාවන් හැදෑරීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ නිළධාරින් හට අවස්ථාව උදාකරගැනීමට හැකි වී ඇත.

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සැලසීම උදෙසා බළපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂක පුහුණු පාසල මගින් ජාත්‍යන්තර මට්ටමේ ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණු පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබන අතර වෙරළ ආරක්ෂක පුද්ගලයින්ට පමණක් සීමා නොවී අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයින් විශ්වවිද්‍යාල සිසුන් සහ සිවිල් පුද්ගලයින් සඳහා ද පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත. ගංවතුර නායයාම් ආපදාවන්හිදී මහජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කිරීම ආදී වැදගත් සමාජ මෙහෙවරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටුකරනු ලබන ජාතික මෙහෙවර ඇගයීමක් වශයෙන්, 2022 වසරේ සිට ජාතික නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලියට සහභාගි වීමටද අවස්ථාව උදාවිය.

මෙසේ මතු පරපුර උදෙසා සමුද්‍රීය පරිසරය රැකගැනීම දෙපාර්තමේන්තුව සතු කාර්යය සමුදායන් වලින් ප්‍රමුඛ කාර්යයක් වන අතර මතු පරපුර වෙනුවෙන් කාර්යය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකායන අරමුණයි.

SRI LANKA COAST GUARD PROUDLY CELEBRATING 13th ANNIVERSARY


The Sri Lanka Coast Guard (SLCG) was established by the Coast Guard Act No. 41 of 2009 under the Ministry of Defence, following a visionary concept of then President of the Democratic Socialist Republic of Sri Lanka, His Excellency Mahinda Rajapaksa. After launching its operations at the Galle harbour premises more than a decade ago on 04th March 2010, today the Sri Lanka Coast Guard is proudly celebrating its 13th Anniversary.

The incumbent Director General of SLCG is Rear Admiral Pujitha Vithana who, as the 07th Director General of the organization, gives leadership to officers and Coast Guard personnel attached to SLCG on secondment from the Sri Lanka Navy (SLN). With a view to enforcing the Maritime Law, Coast Guard personnel serve attached to Coast Guard Stations, Coast Guard Sub Stations and twenty six (26) major fishing harbours located around the island. Besides, 16 Lifesaving Points established along the coastal belt of the island are manned by Coast Guard Lifesavers.

The Coast Guard Act empowers the SLCG to act accordingly to manage marine resources and maritime activities and enforcement of the law. Among other responsibilities of the SLCG, Prevention of Piracy, Trans-Boundary Movement of Narcotics by Sea, Illegal, Unreported and Unregulated (IUU) Fishing, Smuggling of Contraband, Ensuring Safety of Navigation, Assistance and Response in Maritime Disasters, Protection of Marine Environment and Reaching out to Community during Natural Disasters have become main functions of SLCG.

In addition to that, management of incidents in the coastal areas, through coordination with local institutions, is one of the main responsibilities of the SLCG. The organization does not classify itself as an Armed Forces Service, but as one of the leading agencies for enforcing maritime law in the country.

SLCG has begun the journey with several patrol boats and today the SLCG fleet consists of 02 Off Shore Patrol Vessels (OPV), Fast Patrol Vessels (FPV) and Fast Patrol Boats (FPB). These ships and craft have been deployed to patrol waters around the island and SLCG have been tasked with the emphasis of preventing poaching by fishermen.

Meanwhile, the SLCG has been vested with the power and responsibility of executing the National Oil Spill Contingency Plan. Also, a team of well-trained officers and equipment required for this purpose have been stationed at major ports throughout the island. The SLCG has been able to successfully manage a number of such incidents in recent times. For example, the contribution it made to the control of oil spills in the X-Press Pearl cargo ship accident and the New Diamond oil tanker accident was immense.

Moreover, the SLCG Lifeguard Training School at Balapitiya conducts international-level lifesaving training courses to ensure the safety of local and foreign tourists in trouble at sea. It offers courses not only for Coast Guard personnel but also for other members of the security forces, university students and civilians. Remaining true to its social responsibility, SLCG has also come forward to rescue the victims of flood and landslide during natural hazards.

In recognition of the national service rendered by the Sri Lanka Coast Guard, it earned the opportunity to participate in the Independence Day Commemoration Parade since the year 2022.